brand logo

දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහන කිරීම හෙට සිට ඇරඹෙයි

31 May 2019

හෙට (01) සිට නැවත දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණි. ඉන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේ පාර්සල් ඇසුරුම් කිරීම දුම්රිය ස්ථානාධිපතිවරයා ඉදිරියේ සිදුකළ යුතු බවටයි. දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය නතර කර තිබූ කාල සීමාව තුළ එම දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15 ක පමණ පාඩුවක් සිදුව තිබේ.
 

More News..