brand logo

බදුල්ල - හාලිඇළ අතරදී දුම්රිය පීලි පැනීමක් සිදුවෙයි

15 April 2021

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිලී පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බදුල්ල, හාලි ඇළ සංඥා කණුව අසලදී එම දුම්රිය පීලි පැනීම සිදුව තිබේ. අදාළ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භකර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා පිටත්ව ගිය ඇතැම් දුම්රියන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නතර කිරීමට සිදුවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.
 

More News..