brand logo

දුම්රිය දුරගමන් සේවා යළි ඇරඹේ

18 January 2021

අද (18) දිනයේ සිට දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි අරඹන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුර ගමන් සේවා ධාවනය අද සිට සිදුකෙරේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නවතා දැමුණ දුර ගමන් සේවා දුම්රිය යලි ආරම්භ වන්නේ මාස ගණනාවකට පසුවයි. උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්, මරදානේ සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියත් ධාවනය ආරම්භ කර තිබේ.
 

More News..