brand logo

දුම්රිය ඇණියට S 13 නව ද්විත්ව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක්

23 July 2019

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වෙයි. ඉන්දියාවෙන් ගෙන් වූ එම බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම මේ වන විට කොළඹ වරායට ගොඩ බා තිබේ. ඒවා මෙරට ගෙන්වා ඇත්තේ ඉන්දීය ණය ආධාර යටතේයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇණවුම් කෙරෙන මුළු ද්විත්ව බලවේග කට්ටල ගණන 6කි. අද ගොඩබෑ බලවේග කට්ටලය සමඟ එයින් දැනටමත් 4ක් මෙරටට ගෙන්වා තිබේ. M 11 එංජින් (Locomotive) 10ක් ගෙන්වීමට අපේක්ෂිත අතර අද ගොඩබෑ එංජින් සමඟ එයින් 4ක් මේ වන විට මෙරටට ගෙන්වා තිබේ. තවත් දුම්රිය එන්ජිමක් සහ බලවේග කට්ටලයක් තවත් සති 03ක් ඇතුලත ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත ලගා වීමට නියමිතව ඇත. මීට අමතරව චීනයෙන් ඇණවුම් කළ උඩරට මාර්ගයේ ධාවනයට යෙදෙන S 14 බලවේග කට්ටල 9ක් ගෙන්වීමට අපේක්ෂා කරයි. එම බලවේග කට්ටලවල පළමුවැන්න චීනයේ ෂැන්ඩාවෝ වරායේ සිට කොළඹ වරාය වෙත ඉදිරියේදී පැමිණීමට නියමිත වෙයි.
 

More News..