brand logo

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

10 February 2020

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවෙමින් තිබේ. වසර 5කට අධික කාලයක් සේවය ස්ථීර නොකළ මෙම සේවකයින්ගේ සංඛ්‍යාව 1500ක් වන අතර මොවුන් ස්ථීර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටීයි. මෙම විරෝධතාකරුවන් සදහන් කරන්නේ දුම්රිය සේවයට 2014 සහ 2015 වසරවලදී අනියම්, ආදේශක, තාවකාලික, සහන සහ කොන්ත්‍රාත් යන පදනමින් 1500ක් බඳවා ගත් බවයි. මෙම විරෝධතාවයට දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය හා රත්මලාන දුම්රිය කම්කරු සමිතිය ද එයට සහය පළ කර තිබේ.
 

More News..