brand logo

දුම්රියට හුළං ගහන්න දෙකෝටියක්

16 January 2020

ඉන්දියාවෙන් ආනයනය කළ ‘එස්-11’ දුම්රිය බලවේග කට්ටලවල තිබූ අක්‍රිය විදුලිපංකා අලුත්වැඩියා කිරීම වෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් දෙකෝටියක් වැය කරමින් එම සමාගමෙන්ම විදුලි පංකා දහසක් මිලදී ගෙන තිබේ. මෙම එක් විදුලි පංකාවක් රුපියල් විසිදහසක් වී ඇත. සමාගමේ වගකීම් කාලය අවසන් වීමට පෙර විදුලි පංකා 185ක් අක්‍රීය වී ඇති අතර එසේ තිබියදීත් එම සමාගමෙන්ම විදුලි පංකා දහසක් මිලදී ගැනීම ගැටලු සහගත යැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. මෙම බලවේග කට්ටල එන්ජින්වලින් හා මැදිරිවලින් විදුලි පංකා තුන්දහසක් පමණ ගලවා ඉවත් කර ඇත. එයින් අලුත්වැඩියා කර 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විට සවි කර ඇත්තේ විදුලි පංකා 723ක් පමණක් යැයි ද එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවසීය. මේ වන විට මෙම බලවේග කට්ටලවල විදුලි පංකා නොමැති හෙයින් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත. නිලන්ත මදුරාවල
 

More News..