brand logo

දුම්රියක ගැටී ගවයින් 23ක් මරුට

01 January 2019

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ ඊයේ(31) සවස ගැටීමෙන් ජිවිත රැසක් විනාශ වි ඇති බව කිලිනොච්චිය,මුරුකණ්ඩි ප්‍රදේශවාසීන් පවසති. මුරුකණ්ඩි ප්‍රදේශවාසීන් පැවසූවේ ගවයින් කුලප්පු වි දුම්රියේ ගැටී ඇති අතර,දුම්රියේ ගැටීමෙන් ගවයින් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. කිලිනොච්චිය ස්කන්ධපුරම් ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ගවයින් පිරිසක් එලෙස දුම්රියේ ගැටී ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ. ගවයින් පිරිසක් තුවාල ලබා ඇති බවද ප්‍රදේශවාසීන් සදහන් කළහ. ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ ගවයින් කුලප්පුවි දුම්රිය මාර්ගයට හදිසියේ පැමිණීම හේතුවෙන් දුම්රිය රියදුරන්ටද හදිසියේ දුම්රිය නවත්වාගැනීමට නොහැකි වි ඇති බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..