brand logo

දුම්රියක් හා හමුදා බස් රථයක් ගැටී අනතුරක්

01 March 2021

    කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී යුධ හමුදා බස්රථයක් හා ශීඝ්‍රගාමි දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුව ඇත්තේ අද (01) උදෑසන 9.20ට පමණ වන අතර විදුලි සංඥා ක්‍රියාත්මකව තිබිය දී බස් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කරවීමට උත්සහ දරා ඇත. මෙහිදී දුම්රියේ ගැටුණු බස් රථය ඇදී ගොස් අසල තිබු කඩයක තුළට කඩා වැදී තිබේ. බස්රථය කුලිපදානම මත යුධ හමුදාවට ලබාගෙන ඇති එකක් වන අතර එහි රියදුරු සමග යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු ගමන්ගෙන ඇත. බස්රථය විසිවී ගොස් එම ස්ථානයේ ලොතරැයි අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් හා එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලීසිය විසින් සිදුකෙරේ.
 

More News..