දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන ජනවාරි 15 වනදා
18 December 2019
දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන ජනවාරි 15 වනදා
18 December 2019
"සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ.
එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්රයන්හි පුහුණුව ලබාදී රැකියා අවස්ථා ලබාදීම මෙමඟින් සිදු කෙරේ.
කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනේග සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරේ. ඔවුන් මෙහෙයවීමේ හා කළමනාකරණ කාර්යයන් සඳහා ද තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වේග උපාධිධාරින් 10,000 (දස දහසකට) පමණ කළමනාකරණ හා ක්ෂේත්‍ර මට්ටමේ අධීක්ෂණ තනතුරු සඳහා රැකියා අවස්ථා ද මේ යටතේ විවෘත වනු ඇත.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බඳවා ගැනේ. ඔවුන් පාසල්ල රෝහල් හා වෙනත් රාජ්‍ය ආයතනවල ඇති අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන පුරප්පාඩු සඳහා අනුයුක්ත කෙරේග වඩු, පෙදරේරු, කෘෂි, ධීවර, වන සංරක්ෂන වැනි ක්ෂේත්‍ර සඳහා සහ ඒ ඒ පළාත්වලට අවැසි වන පරිදි පුහුණුවීම් කොට සේවයේ පිහිටුවිමට ද පියවර ගැනේ. වැඩසටහන ජනවාරි මස 15 වනදා ඇරඹේග ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ බඳවා ගැනීම් සහ පුහුණුවීම් සිදු කෙරේ.
මෙම වැඩපිළිවෙළ තම මැතිවරණ මෙහෙයුම් ක්‍රියාවලියේ දී මතුවු අදහසක් බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාර්යක්ෂම අයුරින් වැඩසටහන ක්‍රියාවට නැංවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. මෙමඟින් දිළිඳු පවුල් ඉන් මුදවා ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.