brand logo

දුන්නෙන් විදලා පහක් මරලා

14 October 2021

ත්‍රස්තවාදීන් මිනී මරණ අලුත්ම ක්‍රමේ

පුද්ගලයකු දුනු සහ ඊතළ භාවිත කරමින් සිදු කළ පහරදීමකින් නෝර්වේහි පුද්ගලයින් 5 දෙනකු මියගොස් තිබේ. පුද්ගලයින් පස්දෙනෙකුට මරු කැඳවූ මේ ප්‍රහාරය එල්ල වී තිබුණේ නෝර්වේ හි කොන්ග්ස්බර්ග් නගරයේදීය. මෙම ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය විශ්වාසය පළකරන්නේ ඔහු තනිව ප්‍රහාර එල්ල කර ඇති බවය. එමෙන්ම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මක වන අතර ප්‍රහාරය කොන්ග්ස්බර්ග් නගරයේ පුළුල් කලාපයක් ඉලක්ක කර සිදුකර තිබුණි. ඒ අනුව ඊතළ ප්‍රහාර එල්ල වී තිබුණේ ස්ථාන කිහිපයකදීය. මේ අතර පවතින ආරක්ෂක අවදානම සලකා රටපුරා අවිගත් පොලිස් නිලධාරීන් යෙදවීමට රජය පියවර ගත්තේය.
 

More News..