brand logo

දීපාවලී උත්සව අත්තිකාරම් මුදල් ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂණයක

23 October 2019

දීපාවලී අවුරුදු උත්සව අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ආගරපතන, ඩයගම නැගෙනහිර වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (23) උද්ඝෝෂණයක නිරතවුහ. දීපාවලී අවුරුද්ද සැමරීමට ඇඳුම් පැළැඳුම් මෙන්ම ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සදහා ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල් ඊයේ (22) ලබා දෙන බවට වතු පාලන අධිකාරිය පැවැසුවද අද (23) දහවල් වනතුරුත් එම මුදල් ලබාදීමට වතු පාලන අධිකාරිය ක්‍රියා නොකළ බවත්, තවත් දින තුනකින් උදාවන දීපාවලී උත්සවය මේ හේතුවෙන් තමන්ට සැමරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවෝ පැවැසුහ. වතු කම්කරුවන් 300 ක පමණ පිරිසක් තම වත්තේ සේවය කරනු බවත්, ඔවුන් සියල්ලම මේ වනවිට දැඩි දුෂ්කරතාවයකට ලක්ව අසරණතාවයට පත්ව ඇතැයි ඔවුහු වැඩි දුරටත් සඳහන් කළහ. ඩයගම නැගෙනහිර වත්තේ තේ දළු එකතු කිරීමේ මධ්‍යස්ථානය අසලට එක්රැස් වු වතු කම්කරුවන් විශාල පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ නියලිණි.
 

More News..