brand logo

දීපාවලි සමරන්න ගිය ජනතාව හැටන් බස් නැවතුම්පොළේදී අසරණවෙයි

31 October 2019

දිපාවලි උත්සව සමය වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිට වතුකරයට පැමිණි ජනතාවට ආපසු රැකියා ස්ථාන වලට යාමට ප්‍රමාණවත් තරම් බස් රථ ධාවනය එක් නොකිරිම හේතුවෙන් එම ජනතාව දැඩි අසිරුතාවයට පත් වි ඇත. දිපාවලි උත්සව සමය අවසන් විමත් සමගම පසුගිය දින කිහිපය තුලම හැටන් බස් නැවතුම්පොලේ සිට කොළඹ දක්වා යාමට පමණක් විශාල මගින් සංඛ්‍යාවක් හැටන් බස් නැවතුම්පොලේ පොලිම් වල රැදි සිටි අතර, බස් රථය බස් නැවතුම්පොලට ඇතුල් කිරිමට ප්‍රථම මගින් බස් රථවලට නැග ආසන වෙන් කර ගැනිම පවත්නා තත්වය මත සිදු කරනු ලබයි. එසේ බස් රථවලට නැග ආසන වෙන් කර ගැනිමට නොහැකි වු මගින් විශාල පිරිසක් බස් නැවතුම්පොලේ දිගු පොලිම් වල රැදි සිටියි. හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් සිට කොළඹ දක්වා දිනපතා ධාවනයට එක් කරන බස් රථවලට අමතරව බස් රථ ගණනාවක් කොළඹ දක්වා ධවනයට දිනපතා එක් කර ඇති අතර , වෙනත් ලංගම ඩිපෝවලින්ද බස් රථ හැටන් බස් නැවතුම්පොල දක්වා ධාවනයට එක්කර තිබේ. කොළඹට යාමට මගින් විශාල පිරිසක් සිටිම නිසා බස් රථ විනාඩි 10 වැනි කෙටි කාලයක් තුල හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනය එක් කෙරේ. මෙයට සමගාමිව පෞද්ගලික බස් රථ ගණනාවක්ද ධාවනයට එක් කර ඇත. ලංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් කියා සිටින්නේ කොළඹ දක්වා යාමට පමණක් විශාල මගින් සංඛ්‍යාවක් සිටියත් ආපසු කොළඹ සිට හැටන් දක්වා ඒමට මගින් නොමැති විම නිසා ආදායම් තත්වය පහල වැටි ඇති බවයි. මැතිවරණ සමයේද කොළඹ සිට හැටන් දක්වා ජන්ය භාවිතා කිරිමට විශාල ජන්ද දායකයින් පිරිසක් පැමිණෙනු ඇති බවට හැටන් ලංගම ඩිපොවේ නිලධාරින් සහ පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන් විශ්වාසය පල කරයි. බස් රථ වල මගින් විශාල පිරිසක් කොළඹ යාමට සිටිම නිසා කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ , උඩරට මැණිකේ දුම්රිය සහ විශේෂ දුම්රියේද මේ දිනවල මගින්ගෙන් පිරි ඇත.
 

More News..