brand logo

දීපවාලියේ කොවිඩ් පැතිර යාමේ අවදානමක්

09 November 2020

උඩරට වතුකරය තුල දීපාවලී උත්සව සමයේදී කොවිඩ් වෛරසය පැතිරීයාමේ දැඩි අවධානමක් මතුවිය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යන අතර බස්නාහිර පළාතේ විවිධ රැකියාවන්ගේ නිරත උඩරට වතුකරයේ පිරිස් දීපාවලී උත්සව සමයේ වතුකරයට පැමිණීම හේතුවෙන් පැතිර යන අතර වෛරසය වතුකරයේ පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ වතුකරයේ පිරිස් උඩරට වතුකරයට පැමිණෙන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් වතුකරයේ බොහෝ ප්‍රදේශවල සංචරණයන් සිදු කරන බව වාර්තා වේ. වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් කොතරම් දැනුවත් කලද ඔවුන් අවධානම එතරම් සැලකිල්ලට නොගන්නා බව පසුගිය දිනවලදී පෙනී ගිය බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පවසයි. තලවකැලේ, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, ආගරපතන, කොටගල, වටගොඩ, පුඬළුඔය, කොත්මලේ වැනි වතුකරයේ බොහෝ ප්‍රදේශවලින් මේ වනවිටත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් රැසක් හමුව ඇති. එවැනි තත්ත්වයක් මත දීපාවලී උත්සව සමයේ වතුකරයේ ජනතාව නගරවලට විශාල වශයෙන් ඒකරාශිවීම මත වතුකරය තුල කොවිඩ් පොකුරක් මතුවීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය විය හැකි බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පවසයි. උඩරට වතුකරයේ ජනතාව කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට නොගනිමින් මුලික සෞඛ්‍ය ක්‍රමවේදයන් පවා අනුගමනය නොකරමින් මෙම පිරිස් දැනටමත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා උඩරට වතුකරයේ නගරවලට ඒකරාශි වෙමින් සිටින බව වාර්තා වී ඇත. දීපාවලී උත්සව සමයේදී උඩරට වතුකරය තුල කොවිඩ් උවදුර ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා රජයේ වගකියයුතු අංශ දැඩි අවධානයක් යොමු කල යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..