brand logo

දිස්ත්‍රික් 5 ක ඉවත් කළ ඇදිරි නීතිය යලි පස්වරුට 2 කට

27 March 2020

දිස්ත්‍රික්ක 5 කට පනවා තිබු ඇදිරි නීතිය අද පෙරවරු 6 ට තාවකාලිකව ඉවත් කෙරුණු අතර එම දිස්ත්‍රික්කවලට නැවත පස්වරු 2 ට යලි ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරිමට නියමිතයි. පුත්තලම සහ උතුරු පළාතේ වව්නියාව / මන්නාරම / කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්වලටයි මෙලෙස තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කර ඇත්තේ. මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට සහ යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ පස්වරු 02.00 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය ලබන 30 වන සඳුදා පෙරවරු 06.00ට ලිහිල් කිරිමට නියමිතයි.
 

More News..