brand logo

වැඩිම ආසාදිතයන් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන්

19 January 2021

    ආසාදිතයන් 674ක් ඊයේ (18) දිනයේ මෙරටින් හඳුනා ගෙන ඇති අතර ඉන් 47 දෙනෙකු විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් වේ. මේ අනුව ඊයේ (18) දිනයේ දිස්ත්‍රික්ක 23 කින් ආසාදිතයන් 627ක් හඳුනා ගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 197ක් බව සෞඛය අංශ සඳහන් කරනවා. ඒ අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ වැඩිම ආසාදිතයින් පිරිසක් නාරාහේන්පිට, කොටුව, ගල්කිස්ස, පිළියන්දල, වැල්ලවත්ත හා කොළඹ නගරසභා සීමාවෙන් හමුවී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් - 165 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් - 54 ගාල්ල දිස්ත්‍රික්කයෙන් - 37 රත්නපුර දිස්ත්‍රික්කයෙන් - 33 මාතර දිස්ත්‍රික්කයෙන් - 24 මහනුවර දිස්ත්‍රික්කයෙන් - 22 කළුතර දිස්ත්‍රික්කයෙන් - 20 එසේම සෙසු දිස්ත්‍රික්ක වලින් 20 කට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 53,750ක් බවට පත්ව ඇති අතර ඉන් 45,820 දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. කසේ වෙතත් 7,660ක් තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
 

More News..