brand logo

දිස්ත්‍රික්ක 06ක උණුසුම් දර්ශකය ඉහළට

02 April 2021

උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම “වැඩි අවධානයක්“ යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ක් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය. විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම, අධික උෂ්ණත්වය නිසා අධික මහන්සිය, ආඝාත තත්ත්වයන් ආදිය ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතුවලින් වළකින ලෙසත්, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම,කුඩා ළමුන් වාහන තුළ තනිවම නොරදවන ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනය පහතින්….
 

More News..