brand logo

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවදානම් - අනතුරු ඇඟවීම්

19 September 2020

පවතින වැසි තත්වය තෙතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇත. කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා. ගතවූ පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පතිතවීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටිනවා. දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දින (19) දිනයේ දී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
 

More News..