brand logo

දිස්ත්‍රික්ක කිහිපයක අද විශේෂ සෝදිසි මෙහෙයුම්

26 May 2019

දිස්ත්‍රික්ක කිහිපයක අද (26) විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළ අතර ඊයේ (25) දිනයේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කුරූණෑගල දිස්ත්‍රික්කවල යුද හාමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එහිදි විවිධ හේතු මත සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථාන වෙත භාරදුන් බව ද වැඩබලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 

More News..