brand logo

දිවුලපිටිය පාසලේ ගුරුවරුන්ට කොරෝනා නෑ

07 October 2020

කොරෝනා පරීක්ෂාවට ලක් කළ දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට වෛද්‍ය බලධාරීන් එම විදුහලට දැනුම් දී තිබේ. විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ 51දෙනෙකු හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සඳහා මෙම පරීක්ෂණ පවත්වනු ලැබීය. විදුහලේ සිසු සිසුවියන් ගේ පරීක්ෂණ වාර්ථා ඊයේ(07) ලැබුණු අතර,එමඟින් ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු විය. දැනට නිරෝධායනය කර සිටින සිසුන් අතරින් එක් සිසුවකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බැවින් ඔහුව මීගමුව රෝහලට ඇතුලත් කර ඇත.
 

More News..