brand logo

දිවුලපිටිය දිසා රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි

23 October 2020

දිවුලපිටිය දිසා රෝහල කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර දින 04ක් ඉක්ම යන්නට යන්නට මත්තෙන් අද (23)වනවිට කොවිඩ් රෝගී ඇඳන් සියල්ල පිරී ඇත. එය ආසාදිතයන් 100 දෙනෙකු ඇතුළත් කර ගතහැකි වන පරිදියි නවීකරණය කර තිබු බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නවිකරණය කල වාට්ටු 03 ක ඇදන් 100 ක් ස්ථාපිත කර රෝගින් 100 ට නවාතැන් පහසුකම් ලබා දී ඇති බවත් තවදුරටත් රෝගින් ඇතුළත් කර නොගන්නා බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා. රෝහලට ඇතුළත් කර ඇති ආසාදිත රෝගින් මිනුවන්ගොඩ, මාරවිල, බෙන්තොට, ගාල්ල, මාතර, කුලියාපිටිය, වේයන්ගොඩ, දංකොටුව, ජාඇල, කොටිකාවත්ත, ගොරකාන, කරන්දෙණිය, ආඩිඅම්බලම, රත්නපුර, කඩුගන්නාව සහ කටුනායක යන ප්‍රදේශවල පුද්ගලයින් බව පැවසේ.
 

More News..