brand logo

දිවුලපිටියේ කොවිඩ් කත ඇසුරු කළ 400ක් හඳුනාගෙන

04 October 2020

කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගත් ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400ක පමණ පිරිසක් හඳුනා ගෙන ඇත. මේ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කරන්නේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි. අදාළ පිරිස PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව පැවසෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.
 

More News..