brand logo

දිවයින පුරා පොල් පැළ හිඟවෙයි

12 April 2021

දිවයින පුරා පොල් පැළ හිඟයක් පවතින බව අනාවරණය වේ. පොල් මිල ඉහළ යාමත් සමග බොහෝ දෙනකු සිය ගෙවතුවල පොල්පැළ සිටුවීම නිසා පොල් පැළවලට පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙලෙස පැළ හිඟයක් ඇතිව තිබේ. පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් තවාන් 39 කින් පොල් පැළ නිකුත් කිරීම සිදු කෙරේ. මෙරට වාර්ෂික පොල් පැළ ඉල්ලුම ලක්ෂ 15 ක් බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනී මානෙල් කුලරත්න පැවසුවාය. සෞභාග්‍යා ගෙවතු ඇතුළුව මේ වසරේ (2021) පොල් පැළ අවශ්‍යතාව ලක්ෂ 35 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ. ඉකුත් වසරේ පැවැති කොරෝනා තත්ත්වයත් සමග පොල් පැළ සඳහා ඉල්ලුම වැඩිවූ බවත්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් ඉකුත් වසරේදී පොල් පැළ දහනව ලක්ෂ තිස් දහසක් නිකුත් කරනු ලැබූ බවද ඇය සඳහන් කළාය.   සාලිය කුමාර ගුණසේකර
 

More News..