brand logo

දිවයින පුරා පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

29 December 2019

නව වසරට පාසල් ආරම්භ වීමට පෙර දිවයින පුරා පාසල් ආශ්‍රිතව මේ වනවිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පැවසීය. නව පාසල් වාරයේදී සිසුන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. අධ්‍යපන අමාත්‍යංශය සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මේ සඳහා දෙමව්පියන් , ආදී සිසුන්, සිසුන්, ගුරුවරුන්ද එක්ව එකී වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. අවශ්‍යතාව අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ධුමානය කටයුතු සිදුකිරීමට නියමිත බව ද පැවසීය. බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතියි. වසරේ මේ දක්වා දිවයිනෙන් ඩෙංගු රෝගීන් 95000 වාර්තාවී තිබේ. වැසි සමඟ නොවැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගියද දෙසැම්බර් මාසයේ පැහැදිලි අඩුවීමක් ඇතිබව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. මේ පිළිබදව අප විදුහල්පතිවරුන්ගෙන් විමසුවිට පැවසුවේ ඇතැම් පාසල්වල මේ වන විට පිරිසිදු කිරිම් කටයුතු සිදු කළ අවසන් බවත්, ලබන 30, හා 31 යන දිනවලදී ද පාසල් පිරිසිදු කිරීම් සිදු කරන බවයි.
 

More News..