brand logo

දිවයිනේ සියලුම සුරාසැල් වසාදමන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

03 June 2019

රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට පියවර ගන්නා ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ ලිපියක් අද (03) දිනයේ යොමු කරමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මේ වන විට රටේ පවතින තත්ත්වය තුළ පුද්ගලයින් බීමත්ව හැසිරීම ආරක්ෂක කටයුතු නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට තර්ජනයක් වී ඇති බවයි. මෙම කාලසීමාව සියලුම සුරාසැල් වසා තැබීම තුළින් එම තත්ත්වය පාලනය කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
 

More News..