brand logo

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි

08 November 2019

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් හෙට (09) උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙයි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල් බුල් චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කර, ඉන්දියාවේ බටහිර බෙංගාල සහ බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..