brand logo

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි

23 May 2021

හෙට (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. මේ සඳහා ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය බලපාතිබෙන බව සඳහන් ය. එම නිසා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩි වීමක් ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ යන පළාත්වලට හෙට දිනයේ මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන අතර 25 සහ 26 යන දෙදින තුළ එම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු ඉතා තද වැසි අපෙක්ෂා කෙරේ. තවද වයඹ පළාතට ද තරමක තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව ද සඳහන් කරයි.
 

More News..