brand logo

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි

08 June 2019

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතැම් ස්ථාන වලට (කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල) ඇති වන බවත් මි.මි 100-150 ත් අතර තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම දෙඅප්ර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මි 100 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..