brand logo

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්

13 August 2019

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දකුණු පළාතේ සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වාද ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය. මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමට සහ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට ඉහල හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය. මෙම මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.
 

More News..