brand logo

දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා තුනක්

13 November 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා තුනක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගොනු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුගිය වසරේ පැවැත් වුණ T10 ක්‍රිකට් ලීග් තරගාවලියකදී සිදුවුණා යැයි කියන යම් සිදුවීම් හේතුවෙන් දිල්හාරට මෙලෙස දූෂණ චෝදනා ගොනු කර තිබෙන්නේ. තරග පාවාදීම් වෙනුවෙන් උත්සාහ කරන පාර්ශ්වයක කොටස්කරුවෙක් වීම, තරග පාවාදීම් හෙළි නොකිරීම හා ක්‍රීඩකයෙකුට ආචාරධර්ම පද්ධතිය කඩ කිරීමට බපෑම් කිරිම යන චෝදනා ඔහුට ගොනුකර තිබෙනවා. ඒ අනුව අද (13) සිට දින 14ක කාලයක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට මෙම චෝදනා සඳහා පිළිතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවස්ථාව ලබාදී තිබෙනවා.
 

More News..