brand logo

දිල්ෂි කුමාරසිංහගෙන් නව ජාතික වාර්තාවක්

09 April 2021

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අද(09) පැවති ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී ඇය මෙලෙස ජාතික වාර්තාවක් පිහිටුවා ඇත. ඇය මීටර 800 ධාවන ඉසව්ව තත්ත්පර 2:02.52කින් අවසන් කරමින් මෙම ජාතික වාර්තාව පිහිටුවීය. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දිල්ෂි කුමාරසිංහට සුබ පැතුම් එක් කර ඇත.
 

More News..