brand logo

දිරාපත්වන LP ගෑස් පිරවුම් යන්ත්‍ර ගැන සොයන්න කමිටුවක්

22 September 2020

වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බව පැවසෙන කෝටි 40 ක් පමණ වටිනාකමක් ඇති එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා ත්‍රි පුද්ගල කමිටුවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පත් කර තිබේ. පසුගිය දා මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත් පත්වල පළ වු වාර්තාවන් පාදක කොට ගෙන මෙම කමිටුව පත් කළ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩී. පී. එස්. ජේ. කුමාර මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර විගණන කළමනාකරු ඉන්දික රණසිංහ, සපුගස්කන්ද පිරිපහදුවේ නියෝජ්‍ය කළමනාකාර (විදුලි සහ උපකරණ) එල්. ජී. එම්. ආර්. පෙරේරා යන මහත්වරුන්ය. මෙම කමිටු වාර්තාව දින තුනක් ඇතුළත අමාත්‍යතුමන් වෙත ලබාදිය යුතු අතර කමිටු වාර්තාවට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලශක්ති අමාත්‍යතුමන් පියවර ගනු ඇත.
 

More News..