brand logo

දිය නෑමට ගිය දෙදෙනෙක් මුහුදේ ගිලී අතුරුදහන්

29 November 2020

පලාලි පොලිස් වසමේ ඌරනි වෙරළතීරයේ දියනෑමට ගිය හය දෙනෙකු ගෙන් යුත් පිරිසක් ගොස් තිබෙන අතර ඉන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබේ. අද (29) දහවල් 1ට පමණ මෙසේ පිරිස දියනෑමට ගොස් තිබෙන අතර අතුරුදහන් වු දෙදෙනා 19හැවිරිදි දෙදෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. එසේම මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් හා රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විනෝද චාරිකාවල නොයෙදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් මේ වන විටත් සොයාගැනීමේ මෙහෙයුම් සිදුවන අතර දියනෑමට ගොස් ඇති ස්ථානය කිසිසේත්ම දියනෑමට සුදුසු ස්ථානයක් නොවන බවද පැවසේ.
 

More News..