brand logo

දියේ ගිලි 15 හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

12 December 2018

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවියක් දියේ කිමිදී විශාල උත්සයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලෑව උළුකැට වැව ප්‍රදේශයේ දී 11 දින පස්වරුවේ වාර්තා විය. දඹුලු හල්මිල්ලෑව උළුකැට වැව ප්‍රදේශයේ දඹුලූ ඔයේ දිය නෑමට ගොස් සිටී 15 හැවිරිදි පාසල් සිසුවෙකු 11 දින පස්වරුවේ දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ දඹුලු හල්මිල්ලෑව උළුකැට වැව ප්‍රදේශයේ පදිංචි දිල්ශාන් කාවින්ද ජයවීර (15) පාසල් සිසුවෙකි. සිය මව සමග පස්වරුවේ කලා වැවට ජලය රැගෙන යන දඹුලු ඔයේ දියනාමින් සිටි මෙම දරුවා දියේ ගිලී තිබියදී මවගේ කෑ ගැසිල්ල ඇසී ඊට මීටර් 300ක් පමණ දුරකින් දියනාමින් සිටි සෙව්වන්දි සඳමිණි (17 )හැවිරිදි පාසල් සිසුවියක් සහ ඇයගේ තවත් මිතුරියන් දෙදෙනෙකු එක්ව මෙම පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත ව තිබේ. දියේ ගිලී සිටි මෙම පාසල් සිසුවාගේ සිරුර මෙම පිරිස එක්ව ගොඩගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගියද ඒ යන විටත් පාසල් සිසුවා මියගොස් තිබුණු බව පොලීසිය කියයි. පාසැල් සිසුවා ගේ දියේ ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය එච්.එම්.ජි. කොස්වත්ත මහතාගේ මූලිකත්වයෙන් 12 දින පෙරවරුවේ පැවැත්විණි. මෙම සිසුවා බේරාගැනීමට උත්සාහ කළ සෙව්වන්දි සඳමිණි පාසල් සිසුවිය කියා සිටියේ තමන් සහ තවත් මිතුරියන් දෙදෙනකු මදක් ඉහළින් දියනාමින් සිටියදී මියගිය සිසුවාගේ මව කෑගසන සබ්දයට එම ස්ථානයට දිව ආ බවය. පසුව තම මිතුරියන් සමඟ එක්ව දියේ ගිලී සිටින සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ කළ බවත් ඇය කීවාය. එම ස්ථානයේ රැස්ව සිටි තවත් බොහෝ දෙනෙකු දියට නොබැසී ම නිසා තමන් ඇතුළු තිදෙනා දැඩි උත්සාහයක නිරතව සිටියදී දිය යට තිබී සිසුවාගේ සිරුර තමන්ට හමුවූ බවත් ඔහුව ගොඩගැනීමට ඇය උත්සාහ කළ ද ගොඩගැනීමට තනිවම නොහැකි වූ බව ඇය පැවසුවාය. පසුව නැවතත් ජලයෙන් උඩට පැමිණ අසල් වැසියෙක් වූ නන්ද සේන නැමති අයගේ සහයෝගය ඇතිව පාසල් සිසුවා ගොඩ ගැනීමට හැකි වූ බව ඇය පැවසුවාය. එම ස්ථානයේ සිටි සෙසු අය බිය නිසා දියට බැසීම සිදු නොකළ බවත් තමන් දඹුල්ල පොලිසියේ ක්‍රියාත්මක සැරයන්වරුන් වන සුනිල් විජේසිංහ මහතාගේ සහ රුවන් බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන ජලක්‍රීඩා හා පිහිනුම් පුහුණුවීමේ ක්‍රියාවලියක නිරතව සිටින අයකු බව ඇය පැවසුවාය. තමන් කිසිදු බියකින් තොරව එම ජීවිතය බේරා ගැනීම සඳහා උත්සාහ කළ බවත් එහෙත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නො හැකි වූ බව ඇය පැවසුවාය. මියගිය පාසල් සිසුවා කලක සිට අසනීප තත්ත්වයකින් පසුවන අයකු බව ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේය. මෙම ස්ථානයේම දියේ ගිලී ඔහුගේ ජීවිතය බේරුණු අවස්ථා තුනක් බව ද පොලිසියට ප්‍රදේශවාසීහු ප්‍රකාශ කොට තිබේ. ඩබ්ලිව් .ජී .නන්දසේන නැමැති සිරුර සෙවීම සඳහා උදව් කළ අය කියා සිටියේ තමන් නිවසේ සිටියදී කෑකෝ ගහන සද්දෙ ඇති මෙම ඔය දෙසට පැමිණි බවය. ඒ අවස්ථාවේදී දියණියන් තිදෙනෙකු දැඩි උත්සාහයක නිරතව සිටිනු දැක තමන් ද ඊට සහයෝගය ලබාදුන් බව ඔහු පැවසීය. මියගිය දිල්ශාන් කාවින්ද ජයවීර යන පාසල් සිසුවා ගේ හදිසි මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති. දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
 

More News..