brand logo

දියවැඩියාවට සීනිත් එක්ක දෙන බෙහෙතක්

22 April 2021

අවුරුදු සිය ගණනක් පැරණි පුස්කොළ පොතක තිබූණු විස්මිත බෙහෙත්

තරුණ , මධ්‍යම වයස්වල  සිට මහලු වයස තෙක් බහුතරයක් දෙනා මහත් පීඩාවට හා අසහනයට පත්කරන ව්‍යාධියකි දියවැඩියා රෝගය. මෙම රෝග ව්‍යසනය ලංකාවේ පමණක් නොව බොහෝ විදෙස් රටවල ජනයාද පීඩාවට පත් කරන ප්‍රමුඛ පෙළේ ව්‍යාධියක් බවට පත්ව ඇත. මෙම ලිපියේ දී දියවැඩියා නමැති ව්‍යාධිය නිට්ටාවට සුවකළ පෙර වෙද ඉසිවරු පුස්කොළ පොත් හි සටහන් තැබූ ප්‍රතිකාර කිහිපයක් ඉදිරිපත් කර ඇත. රජාවරා ඇට අරළු කපු ඇට මේ හැට මොරු වත් කොට අඹරා එහිම කලතා මී පැණියෙන් දෙනු හැම දිය වැඩි නසා මෙහි සඳහන් ඖෂධ වර්ග සොයා ගැනීම දුෂ්කර නොවේ. තවද පහසුවෙන් සාදා ගත හැකි ඖෂධ ප්‍රතිකර්මයක් ලෙසද සැලකිය හැකිය. ඖෂධ වර්ග හතරක් පමණක් මෙහි අන්තර්ගත වේ. රජාවරා ඇට, අරළු ඇට සහ කපු ඇට ද මෝරු සහ මී පැණිද ඖෂධ වේ. බෙහෙත සාදාගන්නා පිළිවෙළද මෙම වට්ටෝරුව තුළම සඳහන් කොට ඇත. එහිදී රජාවරා ඇට සහ අරළු ඇට වෙන වෙනම ගෙන ඊට මෝරු හදා වත්කර ගැනීමට උපදෙස් දී ඇත. එසේ සකස්කොට ගත් ඖෂධ තිවර්ගය බෙහෙත් ගල ගා ඉතා සියුම් ක්‍රීම් පදමට අඹරා ගැනීම නිර්දේශ කොට ඇත. එසේ මනාව අඹරාගත් බෙහෙත් පවත්නා ගුණාත්මක භාවය තීව්‍ර කරනු වස් මී පැණි හා දීමට උපදෙස් දී ඇත. මී පැණියෙන් මෙම බෙහෙත දීමෙන් අධික දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ රෝගී තත්ත්වය වහා සමනයට පත්කළ හැක.

‘‘මේ හැම තැඹිලි වතුරෙන්  ක්‍රීම් වන සේ මැනවින් අඹරා ගෙන බෙහෙත තැඹිලි වතුරෙන්ම දිය කොට පානය කරවීමට සැලැස්විය යුතු බවට කසපැන් දියෙන් අඹරා ඉන්ම දියකර දෙනු යන වචනයෙන් පැහැදිලි කොට ඇත.

අපගේ විමර්ශනයට පාත්‍ර වූ  පුස්කොළ පත්ඉරුවෙහිම ඖෂධ වට්ටෝරු නවයක් සහිත බෙහෙත් ප්‍රතිකර්මයක්ද විය.   දම්පොත වෙනිවැල් අරළු කසා ඉඟිනි ඇට එනසාල් ඇසළ පොතු මේ හැම කකාල කසාය සීනි එක්ව දෙන හැම දිය වැඩියා නසා මෙහි සටහන් ඖෂධ වට්ටෝරුව වනුයේ දම් පොතු වෙනිවැල් අරළු කසා ඉඟිනි ඇට සහ එනසාල්, ඇසළ පොතුය. පැහැදිළිවම මෙම වට්ටෝරුව ලංකාවේ සුලබ බෙහෙත් වර්ග වේ. එම නිසාවෙන් ඕනෑම පළාතක ඕනෑම දියවැඩියා නමැති රෝගයෙන් පෙළෙන රෝගියෙකුට පහසුවෙන් සකස් කර දිය හැකි සහ ශරීරයට විෂ නොවන ආකාරයේ විශ්මිත ප්‍රතිකාරයක් ලෙසත් සැලකිය හැකිවේ. පමණ දැන කිරා මැන ගන්නා වූ  දම් පොතු, වෙනිවැල් ගැට, අරළු, කසා, ඉඟිනි ඇට සහ එනසාල් සමග ඇසල පොතු ද ගෙන පත අට එකට සිඳුවා සකස් කර ගත් බෙහෙත් කෂාය සීනි හා මුසු කොට දීමට නිර්දේශ කොට ඇත.

එසේම සර්ව දියවැඩියා රෝග නැසීමට තරම් විශ්මය ජනක ඖෂධ වට්ටෝරුවක් ද  එක් පුස්කොළ පත් ඉරුවක මෙසේ සටහන්ව ඇත. 

‘‘කරාබු අති උඩයන් වෙනිවැල් ගැට කපු සාදික්කා කෙනෙස්ස ඇට  මේ හැම කසපැන් දියෙන් අඹරා  ඉස්ම දියකර දෙනු දියවැඩියා නසා’’ මෙම බෙහෙත් ප්‍රතිකාරයද සොයා ගැනීමට සහ සාදවා ගැනීමට අපහසු නැත.මෙම  වෛද්‍යාචාර්යතුමා ඖෂධ වර්ග පහක පමණ වට්ටෝරුවක් ඉදිරිපත් කොට ඇත. මෙහි කසපැන් යන්නෙන් අදහස් කරනුයේ තැඹිලි වතුරය. ඉහත දැක්වූ පරිදි කරාබු, අතිඋඩයන් ,වෙනිවැල් ගැට, සාදික්කා, කපු කෙනෙස්ස. මෙහි සඳහන් සාදික්කා සහ කපු කෙනෙස්ස යන දෙවර්ගයේ ඇට ගත යුතු බව කියවේ. මෙකී සියලු බෙහෙත් වට්ටෝරුව පමණ දැන කිරා මැනගෙන අඹරා ගැනීමට උපදෙස් දී ඇත. මේ හැම තැඹිලි වතුරෙන්  ක්‍රීම් වන සේ මැනවින් අඹරා ගෙන බෙහෙත තැඹිලි වතුරෙන්ම දිය කොට පානය කරවීමට සැලැස්විය යුතු බවට කසපැන් දියෙන් අඹරා ඉන්ම දියකර දෙනු යන වචනයෙන් පැහැදිලි කොට ඇත. මෙම බෙහෙතේ පවත්නා විශ්මිත ගුණාත්මක භාවය සටහන් කරන තැන දියවැඩියා නමැති රෝගය වහා නසන බව දැක්වේ. විශේෂයෙන් දියවැඩියාව හා බද්ධ එම කුලයට අයත් පුරාණ පුස්කොළ පොත්වල දැකිය හැකි නානා ප්‍රකාර වූ දියවැඩියා රෝග භංග කිරීමට තරම් විශ්මිත ප්‍රතිකාරයක් බවට පුස්කොළ පොතේ මේ  බෙහෙත පැහැදිලි කර ඇත.    
 

More News..