brand logo

දියවන්නාවට ගිය 18ක් රජගෙදරට යන තරගයට - හත් දෙනෙක්ම ඇමැති පට්ටම් දරලා

12 October 2019

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් දහඅට දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වන අතර ඉන් දෙදෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය වෙති. මෙසේ ඉදිරිපත්ව සිටින අය අතරින් හත් දෙනෙකු ඇමැති ධුර දරා ඇති අතර තව දුරටත් එක් අයකු ඇමැතිවරයකු ලෙස කටයුතු කරයි. ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, අයි.එම්. ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව් විජේසිංහ, එම්.කේ. සිවාජිලිංගම්, ඒ.එම් හිස්බුල්ලා, ඒ.එම්. අලවි යන අය ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති. මේ සියලු දෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කළ අයයි. දැනට ඇමැතිවරයකු වන සජිත් ප්‍රේමදාස, අජන්තද සොයිසා යන අය පිළිවෙළින් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්ව සිටින අතර අනුර කුමාර දිසානායක සංවිධානයක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටිති. චමින්ද සේනාරත්න
 

More News..