brand logo

දියර පොහොර ව්‍යාපෘතියෙන් පාඩු කළ සමාගමටම කාබනික පොහොර ව්‍යාපෘතිය

14 March 2020

කාබනික පොහොරවලට ගොවියා යොමු කරන්නැයි ජනපති දුන් නියෝගයට මුවා වී ලක් පොහොර සමාගමට කාබනික පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි විස්සක් පොලු තැබූ සමාගමටම යළිත් එම ව්‍යාපෘතිය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරින් සූදානම් වන බව වාර්තා වේ. 2015 වසරේ සිට ලක් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා විසින් දේශපාලන හිතවතකුට අයත් නිශ්චිත ලිපිනයක්වත් නොමැති ආයතනයකට කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් ලබා දීමෙන් රුපියල් කෝටි 20 කට අධික මුදලක් පාඩු සිදු වී ඇතැයි විගණනයේදී හෙළිවී ඇත. මෙම පොහොර නිෂ්පාදනය ඇරඹීමට ලක් පොහොර සමාගම සතු රුපියල් මිලියන 125ක ස්ථාවර තැන්පතුවක් එම සමාගමට බැංකු ඇපකරයක් ලෙස ලබා දී ඇත. ලක් පොහොර සමාගමේ ස්ථාවර තැන්පතුව ඇපයට තබා අදාළ සමාගම රුපියල් බිලියන 112.5 ක බැංකු ණයක් රජයේ බැංකුවකින් ලබාගෙන ඇත. එම ණය අතරමග නොගෙවා දැමීම නිසා අදාළ රාජ්‍ය බැංකුව රුපියල් මිලියන 80.5 ක් (ලක්ෂ 805 ) ලක් පොහොර සමාගමෙන් අයකරගෙන ඇත. මීට අමතරව දේශපාලන සහාය මත එම සමාගම වෙතින් ලක් පොහොර සමාගමට දියර පොහොර ලීටර් දෙලක්ෂ හැත්තෑදහසක් ලබා දී තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 164 ක් සමාගම මගින් ගෙවා තිබිණි. එම දියර පොහොරවලින් විකුණාගත නොහැකිව කල් ඉකුත් වූ රුපියල් ලක්ෂ 840 ක (මිලියන 84) පොහොර තොගයක් තවමත් ලක් පොහොර සමාගමේ ගොඩගසා ඇත.   තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..