brand logo

දියර කිරෙන් ලාභ උපයමින් ගවකුණෙන් පරිසරය විනාශ කරන කිරි ගොවිපොළ

06 July 2021

දියර කිරි නිෂ්පාදනයෙන් ලාභ උපයමින් ගම්වාසින්ට මියගිය ගවයන්ගේ කුණු වු ශරිර වලින් වෑහෙන විෂ සහ ගොම මිශ්‍ර ජලය පානය කිරිමට සලසන බවට වටවල ලොනැක් කිරිගව ගොවිපලේ පාලන අධිකාරියට ගිනිගත්හේන ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව චෝදනා කරති.

කොතෙක් පැමිණිලි කලත් වගකිව යුතු ආයතන වරදාන වරප්‍රසාද වලට යටවී නොසලකා හරින බවටයි ගම්මුන් සඳහන් කරන්නේ . එය ගිනිගත්හේන ලොනැක් ප්‍රදේශයේ වටවල වැවිලි සමාගම නම් පුද්ගලික සමාගමක් විසින් පවත්වාගෙන යන කිරි ගවයන් 3000 ට ආසන්න ප්‍රමාණයක් සිටින මහ පරිමාණයේ දියර කිරි නිෂ්පාදනය කිරිමේ කිරි ගව ලොවිපලකි.මෙම ගොවිපලෙන් ඉවත් කරන ගව මුත්‍ර හා ගොම මිශ්‍ර අපද්‍රව්‍ය දිර්ඝ කාලයක සිට කඳු මුදුනේ සිට ගලා බසින ගම්මාන රැසක ජනතාව පනීය ජලය සපයා ගන්නා ජල පහර වෙත මුදා හරිමින් තිබේ. එමෙන්ම කඳු මුදුනේ පිහිටි ගොවිපලට පහලින් ජනාවස තිබුන ද එම ප්‍රදේශයට පිවිසෙන මාර්ගය දියගල - නෝර්ටන් ප්‍රධාන මාර්ගයට යාකෙරෙන ස්ථානයේ දී විශාල ගෙට්ටුවක් යොදා ආරක්ෂක නිලධාරින් යොදවා ඇති අතර ගම්වාසින්ට පවා තොරතුරු සටහක් කිරිමකින් තොරව ඇතුල් වීමට අවස්ථාව නොදෙන අතර බාහිර පුද්ගලයින්ට කිසිසේත්ම පාලන අධීකාරියේ අවසරයක් නොමැතිව ඇතුල් විමට අවසර නොදෙන කලාපයකි. ලොනැක් ප්‍රදේශයේ කඳු මුදුනක මහ පරිමාණයෙන් පවත්වාගෙන යන මෙම ගොවිපලේ මිය යන සතුන්ගේ ශරිර ගොවිපලට ආසන්න මිටර් 50 ක් පමන දුරින් විවෘත ප්‍රදේශය වෙත ගෙන ගොස් දමා තිබෙන අතර පරිසරයට නිරාවරණය වෙමින් කුණු වෙමින් පවතින එම ශරිර වලින් වහනය වන දුර්ගන්ධය හා මැසි ගහනය නිසා ඉතා අප්‍රසන්න තත්ත්වයක් පවති. එමෙන් ම එම මෘත ශරිර වැසි ජලයට සේදී යමින් පරිසරයට එකතුවන විෂ සහිත ශ්‍රාවයන් මෙම ජල දහරාව සමග එකතුව විමල සුරෙන්ද්‍ර ජලාශයටත් ඒ ඔස්සේ කැළණි ගංගාව වෙතත් අනෙක් පසින් ගලා බසින ජලය දිය කඳුර ට මුසුවීමෙන් දෙහිගස්තැන්න,අඹතලාව,කඳුරේගොඩ ,අල්ල උඩ ආදි ගම්මාන වල ජනතාව ට ඍජුවම පානිය හා අනෙකුත් අවශ්‍යතාවයන් සදහා පරිහරණය කිරිමට සිදුවන බවද ගම්වාසින් පෙන්වා දෙති. එමෙන් ගිනිගත්හේන නගරයේ සිට කළුගල හා අඹගමුව දක්වාවු අතර මැදි ගමුමාන රැසක ජනතාව සදහා පානිය ජලය සපයන ප්‍රධාන ජල නල පද්ධතිය සදහාද මෙම ගොම හා විෂ මිශ්‍ර ජලය මිශ්‍රවන බවද ඔවුන් පෙන්වා දෙති. ගම්වාසින් වැඩි දුරටත් පවසන්නේ ඉතාමත් පිරිසිදු උල්පත් ජල සම්පත් පරිහරණය කරමින් සිටි ඔවුන්ට මෙම දුෂිත ජලය පරිභෝජනය කිරිමට සිදුවි වසර ගනනාවක් ඉක්මගිය මුත් අවස්ථා ගනනාවකදීම වගකිවයතු පාර්ශව දැනුවත් කලත් කිසිදු පියවරක් නොගත් බවය. අඹගමුව ප්‍රාදේශිය සභාව හා,අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන ප්‍රදේශයේ නොර්ටන් බිජ් පොලිස් වසම තුල මෙම ගොවිපල පිහිටා තිබේ. මෙවන් අකටයුතුකම් සිදුවෙමින් පවතිද්දීත් වාර්ශික පරිසර බලපත්‍රය ලබාදෙන්නේ කෙසෙදැයි ඔවහු ප්‍රශ්න කරති.එමෙන්ම කඳු මදුනේ සිට ගලා බසින ජල පහර අවහිර කරමින් ජලාශයක් සාදාගැනීමත් ,ගලා බසින ජලයට ගොම මිශ්‍ර අපද්‍රව්‍ය බැහැර කිරිම සම්බන්ධයෙන් පොලිසිය,පලාත්පාලන ආයතනය වෙත පැමිණිළි කිරිම හා නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තුලදී සාකච්චාකර තිබුන ද මෙම නිතිවිරෝධි පරිසර හා ජල දුෂනය කිරිම් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනිම මවිතයට කරුණක් බව පවසයි. පොලිස් පැමිණිලි 27 පමණ කර ඇති බවත් එම පැමිණිලි විභාග කිරිමේ දි නැවත එවන් අකටයුතු කම් නොකරන බව පවසමින් ගම්වාසින්ට පානිය ජලය සපයා ගැනිමට විදිමත් ක්‍රමවේදයක් සපයන බව පවසමින් පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස ගොවිපල පාලන අධිකාරිය පවසා පසුව මගහැර දමන බවටත් චෝදනා කරති. එමෙන්ම අතිශය රමණිය පරිසරයක් වු මෙම පළාත සංචාරක ආකර්ශනය දිනාගත් ඇබර්ඩින් දිය ඇල්ල ,ලක්ෂපාන දිය ඇල්ල ,නෝර්ටන් විමලසුරෙන්ද්‍ර ජලාශය පිහිටා තිබෙන අතර එම ස්ථානවල සැරි සරන දෙස් විදේ සංචාරකයන් මෙම ඇල දොලවල් වල ජලය පරිහරණය කරනු ලැබේ. මෙම ප්‍රදේශයට ආවෙනික වු මත්ස්‍ය විශේෂ වන අයිරාව,ගල්පාඩියා,බුලත් හපයා වැනි සතුන් වඳවි ස්වභාවික සුන්දර පරිසරය විනාශ වෙමින් තිබෙන බැවින් වගකිවයුත්තන්ගේ අවධානය යොමුකොට නිසි ක්‍රම වේදයක් අනුව ගොවිපල පවත්වාගෙන යාමට කටයුතු සලසන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. එම ස්ථානයේ දි අදහස් දැක්වු වෛද්‍යවරයෙකු වු හේමන්ත නමැති මහතෙකු පැවසුවේ ගම්වාසින් විසින් සිදුකරන සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. චන්දන ජයවීර - හැටන්  
 

More News..