brand logo

දියමන්තියක් හා මැණික් සොරකමකට සම්බන්ධ මාතර මල්ලි අත්අඩංගුවට

02 December 2018

පසුගිය නොවැම්බර් මස 05 වැනිදා පන්නිපිටිය, ඇරැව්වල නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වූ පිරිසක් නිවෙස් හිමියාට ගිනි අවියකින් පහර දී තුවාල සිදුකර දියමන්තියක් සහ මැණික් කොල්ල කා ඇත. එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකරන බව සඳහන් වේ. මේ අතර මෙම කොල්ලයට ඔහුට සහය දැක්වූ තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවටද වාර්තා වෙයි. කොල්ලකෑම සිදුකරන අවස්ථාවේ මැණික් මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුද නිවස තුළ සිට ඇති අතර ඔහුවද පැහැර ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. මෙම සොරකමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි තුසිත මධුරංග නොහොත් මාතර මල්ලී නැමැත්තාය.
 

More News..