brand logo

දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්

19 May 2021

අම්බලන්තොට ගොඩවාය ධීවර වරාය මුහුදු තිරයේ දියනෑමට ගිය තරුණයෙකු අද (19) පස්වරු 1ට පමණ දියේ ගිලි අතුරුදන් වී ඇත. මෙසේ දියේ ගිලි අතුරුදන් අතුරුදහන්ව තිබෙන්නේ අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේ 22හැවිරිදි තරංග රත්නායක නමැති තරුණයෙකි. ඔහු තවත් තවත් සහෝදරයින් දෙදෙනෙකු සමඟ දියනෑමට ගොස් සිටියදී මෙසේ අතුරුදන්වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි. තරුණයාගේ සිරුර සොයා මේ වනවිටත් පරීක්ෂණයක් අරඹා තිබෙන බව පොලිසිය සඳහන් කර ඇත.
 

More News..