brand logo

දියතලාව කඳවුරේ සිටින වීනයේ වුහාන් සිට පැමිණි ලාංකියන් අනිද්දා ගෙදර යවයි

13 February 2020

කොරෝනා වෛරස් අවදානම හමුවේ චීනයේ වුහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගෙන දියතලාව යුධ හමුදා කඳවුරේ විශේෂ නිරෝධාන මධ්‍යස්ථානයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනා අනිද්දා යලි නිවෙස් වෙත පිටත් කර හැරිමට අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. දියතලාව යුධ හමුදා කඳවුරේ විශේෂ නිරෝධාන මධ්‍යස්ථානයේ රඳවා සිටින අදාල ශ්‍රී ලාංකිකයන් කිසිවකුගෙන් කෝරෝනා වෛරසයේ රෝග ලක්ෂනයක් පෙන්නුම් නොකරන බවයි වසන්ගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසන්ගත රෝග විශේෂඥ වෛද සුදත් සමරවීර මහතා සඳහන් කළා. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට මෙරටදී තහවුරු කර ගත් චීන ජාතික කාන්තාව තවදුරටත් කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා. ඇය සම්පුර්ණයෙන් සුවය ලබා ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ. කෙසේවෙතත් වෛරසය ව්‍යාප්තවීම වැළක්වීමේ අරමුණින් අදාල චීන ජාතික කාන්තාව අයි ඩී එච් උණ රෝහලේ තවදුරටත් රඳවා තබා ගැනිමට පියවර ගෙන තිඛේ
 

More News..