brand logo

දියණියගේ පපු පෙදෙස අතගෑවයි උරණ වූ පියාගෙන් පොලු පහර

23 July 2021

නිවසට පැමිණි මිතුරා තම නව හැවිරිදි දියණියගේ පපු ප්‍රදේශය අතගෑමෙන් උරණ වූ පියෙක් ඔහුට පොල්ලකින් පහර දී ඝාතනය කොට ඇතැයි මතුගම පොලිසිය කියයි. පෙරේදා (21දා) රාත්‍රියේ සිදුවූ මෙම පහර දීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන ලදුව මෙසේ මියගොස් ඇත්තේ මතුගම නාවිටිගල පදිංචිව සිටි වික්‍රමාරච්චිගේ රෝහණ නම්වූ 48 හැවිරිදි අයෙකි. දියණියගේ පපු ප්‍රදේශය අතගෑම නිසා උරණ වූ බව කියන මිතුරා ඔහුට ලාඩප්පා පොල්ලකින් පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ වාර්තාවක් ඊයේ (22දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ලක්ඛිත විද්‍යාසේකර - කළුතර
 

More News..