brand logo

දිමුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට සූදානම්

20 March 2019

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවුවහොත් එය භාර ගැනීමට තමන් සූදානම් බව දිමුත් කරුණාරත්න පවසයි. අරුණ සමග පැවැති විශේෂ සාකච්ඡවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද නොසිතූ ලෙස හිමිවූ බවත්, එහිදී තමන්ට හැකි උපරිමයෙන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය බවය. එමෙන්ම ලෝක කුසලානයේදී ද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවුවහොත් තමන් භාරගන්නා බවත්, එසේ නොමැති නම් ක්‍රීඩකයෙක් ලෙස හෝ එක්දින කණ්ඩයාමට සම්බන්දවීමට තමන් කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් මෙලෙස කියා සිටියේය. දිමුත් කරුණාරත්න අවසන් වරට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකට සහභාගි වූයේ 2015 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටය. https://youtu.be/WWs1UoqZfe8
 

More News..