brand logo

දිමුත්ගේ හිසේ පන්දුවක් වදී - පිටියෙන් ඉවතට රැගෙන යයි

02 February 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්නගේ හිසේ පන්දුවක් වැදී තිබෙනවා. හිසේ පන්දුව වැදීම නිසා ඔහුව වහාම පිටියෙන් ඉවතට රැගෙන ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට Manuka Oval පිටියේ පැවැත්‌වෙමින් තිබෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පැට් කමින්ස් ගේ පන්දුවක් දිමුත් කරුණාරත්නගේ හිසේ වැදීමෙන් මෙම සිදුවීම සිදුව තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන දිමුත් කරුණාරත්න පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේදී මෙලෙස පන්දුවක් හිසේ වැදී තිබෙනවා. https://youtu.be/2FVHHpNhILY https://twitter.com/7Cricket/status/1091576012469501952
 

More News..