brand logo

දිමුත්ගෙන් සහ ලහිරුගෙන් ශතක

29 April 2021

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකය බැගින් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න අද (29) සමත් විය. නායක දිමුත් කරුණාරත්න මෙලෙස වාර්තා කළේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වැනි ශතකය වන අතර, ලහිරු තිරිමාන්න වාර්තා කළේ ඔහුගේ ටෙස්ට් දිවියේ තෙවන ටෙස්ට් ශතකයයි. අද අරාම්භ වූ ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල පල්ලේකැලේ පිටියේ කඩුල්ලක් දැවී ලකුණු 233ක් රැස්කර ගෙන පන්දුවට පහර දෙමින් සිටියි. නොදැවී පන්දුවට පහරදෙන ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 102ක් සහ ඔ්ෂද ප්‍රනාන්දු ලකුණු 11ක් ලබාගෙන සිටියි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 118කට දැවී ගියේය.
 

More News..