brand logo

දින 71ට 1100කට මී උණ

12 March 2021

මෙම වසරේ මේ දක්වා කාලයේ දී මී උණ ​​රෝගීන් එක් දහස් එකසියයක් හඳුනාගෙන ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ජනවාරි මාසයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 479ක් වන අතර පෙබරවාරි මාසයේදී රෝගීන් 430​ දෙනෙක් ද මෙම මාසයේ මේ දක්වා කාලයේ රෝගීන් 191 දෙනෙක් ද හඳුනාගෙන ඇත. වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 174කි. ගාල්ල දිස්ත්‍රිකයෙන් රෝගීන් 122 දෙනකු ද අනුරාධපුර දිස්ත්‍රික්යෙන් රෝගීන් 105 දෙනෙකු ද හඳුනාගෙන තිබේ. වරුණි පෙරමුණ
 

More News..