brand logo

දින 20කදී ඩෙංගු රෝගීන් 766ක් සොයා ගැනේ

22 January 2021

මේ වසරේ ගත වූ දින 20ක කාලය තුළ ඩෙංගු රෝගීන් 766 දෙනකු වාර්තා වී තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 498කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 62ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 29ක්ද හමුවී ඇත. කොළඹ නගර සභා ප්‍රදේශයෙන් රෝගීන් 19ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. වරුණි පෙරමුණ
 

More News..