brand logo

දින 14කට රටටම සංචරණ සීමා පනවන්නැයි ඉල්ලයි

21 May 2021

රට තුළ කොවිඩ් වසංගතයේ පවතින දැඩි අවදානම් තත්වය සැළකිල්ලට ගනිමින් දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය සතිවල දින කිහිපයක් පමණක් සංචරණ සීමා පැනවීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති තත්ත්වයක් බව වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි. එම නිසා ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දිනක 14ක් අඛණ්ඩව සංචරණ සීමා පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි. වසංගත රෝග විද්‍යා අංශය සහ රජය, විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට ක්‍රියා නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. දැනට පවතින තත්ත්වයට එකම විසඳුම දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි. දින 3ක් සංචරණ සීආ පැනවීමෙන් රෝගය පාලනය කළ නොහැකි බවත් අතරමැද දී නැවත ඇරීමෙන් ඒ දිනයේ දී සමාජයේ එළියට ඇවිත් යළි එකතු වෙලා නැවත යන විට රෝගය අලුතින් බෝකර හමාර බව වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට ඉතා වේගයෙන් ළඟාවෙමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය අවධාරණය කළේය.
 

More News..