brand logo

රිවස්ටන් මාර්ගය දින 11කට වැසේ

24 March 2019

මාතලේ , ඉළුක්කුඹුර ,ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස 25 දා සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරිම එයට හේතුව වී ඇති අතර අදාල දිනයන් හිදී රිවස්ටන් හා පිටවල පතන නැරඹිම සඳහා පැමිණෙන වාහන වලට රිවස්ටන් මාර්ගය භාවිතා නොකර විකල්ප මාර්ග ලෙස ලග්ගල- නාඋල - මාතලේ මාර්ගය භාවිතා කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
 

More News..