brand logo

දින 05ක් පමණ ගතවන තෙක් රෝග ලක්ෂණ නැහැ

09 May 2021

ලංකාවේ භාවිතා වන සියලු එන්නත් හොඳ මට්ටමේ ඒවා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන අතර හැකිතරම් කාර්ය මණ්ඩල යොදවා සියලුම ප්‍රදේශවලට එන්නත් ලබා දීම සිදුකළ යුතු බවත් එම සංගමය සඳහන් කරයි. අද (09) එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඒ බව සඳහන් කර ඇත. එසේම වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය වැඩි නිසා නිසි ලෙස මුව ආවරණය පැලඳිය යුතු බව මෙන්ම තවත් කෙනෙකුට වැළඳී රෝග ලක්ෂණ මතුවීමට දින 05ක් පමණ ගත වන බැවින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කාලයේත් තවත් කෙනෙකුට රෝගය බෝවීමේ හැකියාව තිබෙන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය වැදගත් බව සඳහන් කරයි. වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා, ''මෙම වෛරසය බරපතළ ලෙස පෙනහළුවලට හානි කරනවා. අනෙක් දේ තමයි නිව්මෝනියා තත්ත්වය. සාමාන්‍ය නිව්මෝනියාවට වඩා මෙය බරපතළයි. රුධිරය කැටිගැසීමක් එක්ක මේ නිව්මෝනියා තත්ත්වය එන්න පුළුවන්. එවිට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම හරිම අපහසුයි. ඔක්සිජන් අවශ්‍යතාව මෙන්ම දැඩි සත්කාර අවශ්‍යතාවය මතුවෙන්නේ එවිට.'' "මේ නිසා හැම පුරවැසියෙක්ම මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි. මෙය සුළුවට තකන්න එපා. මෙය පළමු රැල්ල නොවෙයි."
 

More News..