brand logo

දිනේශ් චන්දිමාල් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට

12 November 2018

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන පරිදි එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර චන්දිමාල් ආබාධයට ලක්ව ඇති බවයි. වාර්තාවන අනුව චන්දිමාල්ට සතිදෙකක කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා. ඒ අනුව දිනේශ් චන්දිමාල් වෙනුවට චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩාමට කැදවා තිබෙනවා. ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වැනිදා මහනුවර පල්ලේකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්ත කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ලැබුවා. මෙම ටෙස්ට් තරගාවලිය තරග තුනකින් සමන්විතයි.
 

More News..